සීත රැයකදි සිසිලසින් පිරි සඳක් සේ සිත් අහස සනසා....
සෙනෙහසින් පිරි පැතුම් කුලුඳුල් සිහිනයක් වී සිතෙහි රැදිලා...

Monday, December 19, 2011

අනේ දවසක ඔයාගේ හිතට මේ ආදරේ දැනෙනවනම් ආයිත්.....


මගේ ජීවිතයට ආදරේ අරන් ආවේ ඔයා... ආදරේ ගැන මට කියල දුන්නෙ ඔයා.. ඉතින් අපි ආදරේ කරා මම ඔයාගෙම වෙලා... ඔයා මගේම වෙලා...
එදා ඔයා කිව්වේ මම ඔයාගේ ජීවිතේට ආදරේ අරන් ආපු පු0චි සුර0ගනාවියක් කියල, ඉතින් මම ආදරේ කරා ඔයා මගේම කරගෙන ආදරේ කරා , එත් දවසක  ඔයට මාව ආත්මාර්ථකාමි වුනා….
  ඔයාට පු0චි තුවාලයක් වත් වෙනවට මම කමති නැහැ ඒ නිසා හැම තත්පරේකම මම ඔයාව මට පුලුවන් විදියට පරෙස්සම් කරා ඔයා ගැන හොයලා බැලුවා, ඔයාට කරදරයක් වෙයි කියල හිතුන දේවල් කරන්න එප කිව්වා, එත් ඔයා හිතුවෙ මම ඔයාව control කරනව කියල.. ඒ නිසා ඔයා කරන දේවලට කරදරයක් නොවී ඉන්න මම තීරනය කලා
ඉස්සර මම හැම දෙයක්ම ඔයාට කියනව, ඔව් තොර තෝ0චියක් නැතුව ඔහේ කියවනවා, එත් මගේ කටහඩත් ඔයාට දවසක වදයක් වුනා ඒ නිසා මම කතා කරන එක අඩු කරා...
අපේ ආදරේ ගැන අපේ හීන ගැන මම කවි ලිව්වා,හැමදාම ඔයාට ඒ කවියක් කියන්න කියල ඔයා ඉස්සර මගෙන් ඉල්ලුවා, ඔව් අනිවාර්යෙන්ම කවියක් කියන්න කියල ඔයා මාව පොරොන්දු කරගත්තා එත් දවසක් ඔයාට මගේ කවි බොලද වැඩි වුනා ඉතින් මම කවි ලියන එක නතර කරා....
මම දැන් හෙම්බත් වෙලා මාව වෙනස් කරේ ඔයා,....
ඒත් දැන් ඔයා කියනවා, 'පැටියෝ ඔයා ගොඩාක් වෙනස් වෙලා කියලා'.. දෙවියනේ මම මොනා කරන්නද? 
ඒත් මම ආදරෙයි තාමත් ඉස්සර වගේම ආදරෙයි.... 
අනේ දවසක ඔයාගේ හිතට මේ ආදරේ දැනෙනවනම් ආයිත්.....

2 comments:

  1. ලස්සනයි. ඇත්ත කතාවක්ද?

    ReplyDelete
  2. අක්කී දිගටම ලියන්න ඔය කතාව හොදේ

    ReplyDelete